Thursday, January 08, 2026
Follow Us
ධානිෂ් අලී ට ඇප

රූපවාහිනී සංස්ථාවට කඩා පැන්න ධනීෂ් ගැන අධිකරණ තීන්දුව


පසුගිය ජූලි (09) වැනි දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව මත රිමාන්ඩ් කර සිටි ධානිෂ් අලී නැමැත්තාට ඇප හිමිව තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ විසින් සැකකරුට රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට තීරණය කර තිබේ.

තවද පොදු දේපල පනත යටතේ ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති යැයි තීන්දු කළ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව එම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

මේ අතර ඔහුව ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව කුරුඳුවත්ත පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට නියම කර තිබේ.

Aruna