බදුල්ල දිස්ත්රික්කයේ ජනතාවට සපයනු ලබන රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් කාර්යක්ෂම හා ඉහළ නැංවීමේ අරමුණින්, දිස්ත්රික්කයේ රෝහල් සඳහා නව ගිලන් රථ බෙදාදීම අද (11) බදුල්ල ප්රාදේශීය සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාල පරිශ්රයේ දී පැවැත්විණි.
මෙම ව්යාපෘතිය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 181.5 කි.
ඒ අතරින් ගිලන් රථ 5 සඳහා රුපියල් මිලියන 123.9 ක් ද, ඒ සඳහා අවශ්ය අතිනවීන වෛද්ය උපකරණ වෙනුවෙන් රුපියල් මිලියන 57.6 ක් ද වැය කර ඇත.
මෙලෙස නව ගිලන් රථ ලබා දෙන ලද්දේ දියතලාව මූලික රෝහල, වැලිමඩ මූලික රෝහල, බණ්ඩාරවෙල මූලික රෝහල, කොස්ලන්ද ප්රාදේශීය රෝහල සහ ලුනුගල ප්රාදේශීය රෝහල යන රෝහල් සඳහා ය.