ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව සිදුකරන ලද, විශ්වසනීය තොරතුරු විශ්ලේෂණයකට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙහෙයුම් සැලසුමක් මත, ශ්‍රී ලංකාවේ දෙවුන්දර ප්‍රදේශයට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී, නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් මත්ද්‍රව්‍ය බහලු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05ක් භාරයට ගෙන, ඉදිරි විමර්ශණ හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටියි.
‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් වෙනුවෙන් සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අනෙකුත් හමුදාවන් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සම්බන්ධීකරනයෙන් මෙහෙයුම් කටයුතු සිදුකරන අතර, මෙම ඒකාබද්ධ මෙහෙයුම සම්බන්ධව වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.