Thursday, January 29, 2026
Follow Us
78 වන නිදහස් දිනය අභිමානවත්ව සැමරීමට සියලු කටයුතු සූදානම්  - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමති

78 වන නිදහස් දිනය හුදු සැමරුමකින් ඔබ්බට ගොස් අනාගතය ගොඩනැගීමේ දැවැන්ත වැඩපිළිවෙළක් යටතේ සිදුකරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා සඳහන් කරයි.

ජාතික නිදහස් දින සැමරුම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29)  පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ඒ වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති පෙන්වා දුන් ඒ මහතා  Rebuilding Sri Lanka වැඩසටහනද ඒ තුළ පවතින බව සඳහන් කළේ ය.

78 වන නිදහස් දිනය මෙම වර්ෂයේත් අභිමානවත්ව සැමරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් මෙවර නිදහස් සැමරුම ඉතිහාසයේ පෙර පැවති අවස්ථාවලට වඩා සුවිශේෂී සහ අභියෝගාත්මක අවස්ථාවක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එනම් සැබෑ නිදහසක් අත්කර ගැනීමට බහුවිධ ප්‍රවේශයකින් යුත් යම් වැඩපිළිවෙළක් දියත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.