Sunday, May 11, 2025
Follow Us
කොත්මලේ දී සිදු වූ බස්රථ අනතුරින් මිය ගිය සංඛ්‍යාව 8ක්

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් අද (11) අලුයම ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.

 නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී මෙම අනතුරු සිදු වී තිබෙන අතර මෙම අනතුරින් තවත් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

 තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.

කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.