Thursday, May 01, 2025
Follow Us
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

වැඩ කරන ජනයාගේ දිනය හෙවත් ජාත්‍යන්තර කම්කරු දිනය අදට (මැයි 1) යෙදී තිබේ.

1886 වර්ෂයේ මැයි පළමුවැනි දින චිකාගෝවේදී කම්කරුවන් ලක්ෂ දෙකක් පමණ වැඩ වර්ජනයක නිරත වී ඇති අතර ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ ද පැය 8ක වැඩමුරයක් ඉල්ලා සිටීමයි.එම වර්ෂයේම මැයි 3වැනි දින හයිමාකර්ට් චතුරස්‍රෙය් පැවැති සාමකාමී රැලියකට පොලිස් ප්‍රහාරයක් එල්ල වීමෙන් කම්කරුවන් 200කට අධික පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.මෙම සිද්ධිය හයිමාකර්ට් ඛේදවාචකය ලෙස හඳුන්වන අතර වර්ෂ 1889දී අන්තර්ජාතික සමාජවාදී සමුළුවේදී මෙම සිදුවීම ස්මරණය කිරීම වෙනුවෙන් මැයි පස පළමුවැනි දින කම්කරුවන් සඳහා ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස තීරණය කර තිබේ.


1927දී පළමු වරට ලංකාවේ කම්කරු දින සැමරුම් ආරම්භ වූ අතර 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුව‍ෙදාර දක්වා පළමු මැයි රැලිය පැවැත්විණි.


ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මැයි දින පෙළපාළි හා රැලි අද කොළඹ හා දිවයිනේ ප්‍රධාන නගරවල පැවැත්වීමට නියමිතයි.