Wednesday, July 15, 2026
Follow Us
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට දැනුම් දීමක්

තැපැල් මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින් වෙත තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, තැපැල් මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව මෙතෙක් නොලැබී ඇත්නම් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලය වෙත පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු එය ලබා ගත හැකි බවය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මැයි මස 06 වැනිදා පස්වරු 4 දක්වා මෙම නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.