මැතිවරණ රාජකාරී සදහා පත්වීම් ලබා ඇති සියලුම නිලධාරීන්ට එම පත්වීම් වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට හැකියාවක් නොමැති බවත්, මැතිවරණ රාජකාරියට වාර්තා නොකිරීම දඬුවම් ලැබියහැකි වරදක් බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.
සභාපතිවරයා මේ බව පැවසුවේ , අද (12) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති 2024 මහ මැතිවරණය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එබැවින් මැතිවරණ රාජකාරී සදහා පත්වීම් ලබා ඇති සියලුම නිලධාරීන් නියමිත දිනයේදී තමාට ලබා දී ඇති නියමිත ස්ථානයට රාජකාරි සඳහා වාර්තා කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.