Wednesday, May 15, 2024
Follow Us
සීලවඩිච්චි

සීලවඩ්ච්චි කියන්නේ දකුණටම ආවේණික පානයක්. කුරුම්බා ගෙඩියෙන් හදන මේ පානය මේ දිනවල පවතින පෑවිල්ලට කියාපු පානයක්. මෙහි ඇති පුදුමාකාර රසය නොබලපු ගාල්ල, මාතර, රත්ගම පැත්තේ කෙනෙක් නැති තරම්. එහෙනම් සිලවඩිච්චි මෙහෙම හදලා බලමු.

මේ සඳහා කුරුම්බා ගෙඩියක්, බටර් විස්කෝතු. (මේවට පාන් විස්කෝත්තු කියලත් කියනවා.) සීනි ස්වල්පයක් සහ හබල පෙති ස්වල්පයක් අවශ්‍යයි.

කුරුම්බා ගෙඩියේ ඇස්ස කපා වතුර ටික වෙන්කර ගන්න. ඊට පස්සේ කුරුම්බා ගෙඩියේ ලොඳ ටිකත් හොඳට හූරලා අරගෙන තියෙන්න අරින්න. ඊට පස්සේ මේකට ඒකෙම කුඩුකර ගත්තු බටර් විස්කෝතුයි, සීනියි, හබල පෙතියි එකතු කරලා ඒකට කුරුම්බා වතුර ටිකත් දාලා කන්නයි බොන්නයි තියෙන්නේ. හබල පෙති ටික එකතු කරන්න කලින් හබල පෙති ගරලා පොඟවලා වතුර මිරිකලා ගන්න ඕනි.