Wednesday, February 11, 2026
Follow Us
සුවය ලැබූ පිරිස ඉහලට : නාවික හමුදාවේ 121ක් ඒ අතර

කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කොට සිටි තවත් පුද්ගලයින් 63 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ මුළු රෝගීන් ගණන 445 ක් වනවා.

මේ වන විට කොරෝනා ආසාධිත රෝගීන් 915 දෙනෙක් වාර්තා වී ඇති අතර ඉන් රෝහල් තුල ප්‍රතිකාර ගනු ලබන්නේ රෝගීන් 461 දෙනෙක් පමණයි.

වෛරසය ආසාධනය වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 491ක් වන අතර ඉන් 480 දෙනෙක් නාවික හමුදා සෙබළුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේ.

මෙම පිරිස අතුරෙන් නාවික හමුදා සෙබළුන් 121ක් දෙනෙක් සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

(Neth)