Thursday, July 03, 2025
Follow Us
කොරෝනා පාලනය ගැන යුද හමුදාපති කිව්ව කතාව

විවෘත සමාජයෙන් නව කොරෝනා ආසාධිතයන් ඇති නොවන පරිදි ව්‍යසනය පාලනය කිරිමට ශී‍්‍රී‍්‍ර ලංකාව දැන් සමත් වී ඇතැයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දෙනවා.

ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් සමග කළ විශේෂ සංවාදයකදී.

පනවා තිබූ සිමා ක‍්‍රමයෙන් ලිහිල් කරමින් තිබෙන මෙම අවස්ථාවේ මහජනතාව සෞඛ්‍ය උපදෙස් නොසලකා කටයුතු කළහොත් ලබා ගත් ජයග‍්‍රහණ ගිලිහී යා හැකි බවද යුද්ධ හමුදාපතිවරයා මෙහිදී කියා සිටියා.

නව කොරෝනා ආසාධිතව තවදුරටත් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින්නේ පන්සිය දෙදෙනෙකු පමණයි. තුන්සිය අසූ දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.

(Neth)