Wednesday, February 11, 2026
Follow Us
දෙස් වි‌දෙස් සංචාරකයන්ට ජූලියේදී හෝටල් විවෘතයි

ජූලි මාසය වන විට සියලුම සංචාරක හෝටල් දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.

එහිදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ හෝටල් හිමියන්ට ලබාදී ඇති බව අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු පැවැසුවාය. මේ සම්බන්ධයෙන් ලබන සතියේදී විශේෂ රැස්වීමක් පැවැත්වීමට අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළාය. සංචාරක හෝටල් විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. අතට අත දීම වෙනුවට ආයුබෝවන් වැනි ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික සුබ පැතුම් ක්‍රම භාවිත කළ යුතුය. කාර්ය මණ්ඩලය මුඛ ආවරණ පැලඳ සිටිය යුතුය. අමුත්තන් ගැවසෙන සියලුම ප්‍රදේශ සහ උපකරණ විෂබීජහරණය කළ යුතුය. අමුත්තන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලිය යුතුය. අමුත්තන් ලියාපදිංචි කිරීමේදී සියලු තොරතුරු ලබාගත යුතු අතර එහිදී පැමිණී රට, ගුවන් යානයේ අංකය, ආසන අංකය යන තොරතුරුද ලබාගත යුතුය.

(Aruna)