පාර්ලිමේන්තුව අද (23) සිට (26) දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් හංස අබේරත්න මහතා සඳහන් කරයි.
කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි මේ බව තීරණය කර ඇත්තේ.
පාර්ලිමේන්තුව රැස් වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබේ.
පෙ.ව 10.00 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 සිට පෙ.ව 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ වන ප්රශ්න සඳහා වෙන් කර ඇත.
මේ අනුව, අද (23) පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අංක 2482/09 සහ 2487/02 දරන අති විශේෂ ගැසට් පත්රවල පළ කරනු ලැබූ නියමයන් දෙකක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2487/29 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද රෙගුලාසි අනුමැතිය පිණිස විවාදයට ගැනීමට නියමිතයි.
අනතුරුව ප.ව 5.00 ට පාර්ලිමේන්තු මන්ත්රී රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද “මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත” නැමැති පෞද්ගලික මන්ත්රී පනත් කෙටුම්පත දෙවැනි වර කියවා සලකා බැලීම පිණිස ව්යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතයි.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීම සඳහා වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.