Friday, January 02, 2026
Follow Us
22 ට පාර්ලිමේන්තුවේදී සංශෝධන ගෙන එන බව සජබය කියයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු ඊට සංශෝධන ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගය පවසනවා. පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත මඟින් වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය සඳහා බලතල වැඩිකර ඇති බවයි.

මේ අතර මාර්තු 12 ව්‍යාපාරය ද පවසන්නේ 22 වන ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත මගින් අපේක්ෂිත පරිදි ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කර නොමැති බවයි. මේ එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි.

Neth