Friday, January 02, 2026
Follow Us
රට අරාජික කළේ මහින්දගේ කරේ එල්ලිලා පාර්ලිමේන්තු ආපු අපේම අය – පොහොට්ටු ලේකම්

පොහොට්ටුවේ සහෝදර පක්ෂ යැයි විස්වාස කළ දේශපාලන පක්ෂවල සාමාජිකයන් පාර්ලිමේන්තුවට පැමිණියේ පොදුජන පෙරමුණ සහ නායක මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව තුළ තිබූ විස්වාසය නිසා බව පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය භාවිතා කරමින් පාර්ලිමේන්තුවට පැමිණි, සහෝදර පක්ෂ ලෙස හඳුන්වන පක්ෂවල සාමාජිකයන් සහ පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ නිසා රට අරාජික තත්වයට පත් වූ බවත්, අර්බුද සියල්ලටම ඔවුන් සෘජුවම වගකිව යුතු බවත් ලේකම්වරයා පවසනවා.

එවැනි මන්ත්‍රීවරුන් කුමන ආකාරයෙන් කටයුතු කළද පොහොට්ටුව පිළිබඳව බහුතර ජනතාව තැබූ විස්වාසය ආරක්ෂා කිරීමට හැකි උපරිම අයුරින් කටයුතු කරන බවත්, එම විස්වාසය කඩ කිරීමට හෝ ජනතාව අමතක කිරීමට කිසිසේත්ම කටයුතු නොකරන බවත් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

LNW