Tuesday, February 24, 2026
Follow Us
තුන් දෙනෙක් අමාත්‍ය ධූර භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි

මුස්ලිම් කොංග‍්‍රසයේ මහජන නියෝජිතයන් තුන් දෙනෙකු අමාත්‍ය ධුර භාර ගැනීම ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

ඒ, කල්මුණේ උතුර උප ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ප‍්‍රධාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්.

මුස්ලිම් මහජන නියෝජිතයින් අමාත්‍ය ධුරවල දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆයිසාල් කාසීම් ඒ පිළිබද අදහස් පළ කළා. එහිදී "රිෂාඩ් ඇමතිතුමාගේ පක්ෂයේ ඔක්කොම ගත්තා. මුස්ලිම් කොංග්‍රසයේ අපේ නායකතුමා විතරයි දිවුරුම් දුන්නේ. අපේ දිවුරුම්දීමට තවත් කල් ගතවෙයි. " යනුවෙන් සඳහන් කළා.

(Neth)