Tuesday, October 22, 2024
Follow Us
මහින්දට අගමැතිකමත් දුන්න නිසා මෛත්‍රී තමා ජනාධිපති අපේක්ෂකයා - ශ්‍රීලනිප

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම ඇතුළු කැපකිරීම් ගණනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනටමත් කර ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය අනිවාර්යයෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාට එම තනතුර ලබාදුන්නා මෙන්ම ඉන් ඉදිරියට යමින් විපක්ෂ නායක තනතුරත් ලබාදුන් බවත් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ආරක්ෂා කරගෙන සිටින්නේ ද ශ්‍රීලනිපය විසින් බවත් ඒ මහතා සිහිපත් කළේය.

ඒ අනුව සන්ධානයක් බිහිකිරීම සඳහා පොහොට්ටුව සමඟ එක්වීමට අවශ්‍ය උපරිම කැපකිරීම මේ වනවිටත් ශ්‍රීලනිපය පෙන්වා අවසන් බවයි ඒ මහතා අවධාරණය කළේ.

දුෂ්මන්ත මිත්‍රපාල මහතා මේ බව පැවසුවේ ඊයේ (29) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)