Tuesday, February 24, 2026
Follow Us
තාත්තාගෙ අඩිපාරේ නම් යන්න එපා පුතේ - මහින්දගෙන් සජිත්ට අවවාදයක්

සිය පියාවන රණසිංහ ප්‍රේමදාස මහතාගේ අඩිපාරේ නම් නොයන ලෙස සජිත් ප්‍රේමදාස නමැති තරුණයාට තමන් අවවාද කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"ඊයෙ පත්තරේ තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා 'මම තාත්තාගේ අඩිපාරෙම යනවා' කියලා. දෙයියන්ගෙම පිහිටයි ! මම ඒ තරුණයාට උපදෙසක් දෙනවා තාත්තාගෙ අඩිපාරෙ නම් යන්න එපා පුතේ කියලා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසිවේ ඊයේ (28) කාල්ටන් නිවසේ පැවති ජන හමුවක් අමතමිනි.

(LNW)