Wednesday, May 15, 2024
Follow Us
මම ජනාධිපති වෙනවට වඩා රටේ ජනතාව ජනාධිපති කරවන්නයි ඕනෑ - චම්පික

තමන්ට අවශ්‍ය වී ඇත්තේ තමන් ජනාධිපති වනවාට වඩා රටේ ජනතාව ජනාධිපති කරවීමට බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

"මම ජනාධිපති වෙන්න යන කතාවකට වඩා රටේ ජනතාව ජනාධිපති කරවන්නයි අපි යන්නේ. මම එකක් පැහැදිලිව කියනවා, වන් මෑන් ෂෝ ඉවරයි ලංකාවෙ. වන් ෆැමිලි ෂෝ ඉවරයි. දැන් වන් නේෂන් ෂෝ එකට කාලෙ. ඒකට අපි සූදානම්" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (28) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)