Thursday, May 16, 2024
Follow Us
තව ටිකයි .......!

වත්මන් ආණ්ඩුව පවතින්නේ තව මාස කිහිපයක් පමණක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

තමන්ට එය ස්ථිර වශයෙන් කිවහැකි බවයි රාජපක්ෂ මහතා කියාසිටියේ.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ 28 තංගල්ල කාර්ල්ටන් නිවසේදී පැවැති “පවුර අත්වැල” සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

මේ අතර ජනාධිපතිවරණය කල් දැමීමට ඇතැමුන් නොයෙක් උපක්‍රම භාවිතා කරමින් සිටින බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

නමුත් ව්‍යවස්ථාවට අනුව නියමිත කාලයට මැතිවරණය පැවැත්විය යුතු බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම සෑම පුවත්පතකම දිනපතාම ජනාධිපති අපේක්ෂකයෝ වීමට සිටින අය දැන්වීම් පළකරමින් සිටින අතර මෙම සියලුම දේශපාලන වියදම් මහජන මුදලින් සිදුකරන බවද මහින්ද රාජපක්ෂ මහතා කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට විදේශීය මැදිහත්වීම් සිදුකිරීම ගැනද විපක්ෂ නායකවරයා අදහස් දැක්වීය.

මෙරට දේශපාලන සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට විදේශීය රටවලට කිසිඳු අයිතියක් නොමැති බවයි හෙතෙම අවධාරණය කළේය.

පසුගිය මැතිවරණයේදී තමන්ව පරාජය කිරීමට විදේශීය මැදිහත්වීම සිදු වූ බවත් මෙවර එය යම් තරමකින් හෝ අඩු වනු ඇති බවත් විශ්වාස කරන බවද රාජපක්ෂ මහතා පැවසීය.

(LNW)