Monday, April 29, 2024
Follow Us
පොහොට්ටුව පුංචි පුංචි පක්ෂ හොයද්දී වෙල්ගම වගේ පතාකයෝ ශ්‍රීලනිපයට එනවා - දුමින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන බිහිකිරීම සඳහා කුඩා කුඩා පක්ෂ එකතු කරමින් යද්දී කුමාර වෙල්ගම වැනි ජ්‍යේෂ්ඨයින්, පතාකයින් ඔවුන්ගෙන් ඉවත්ව යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහගෙදර බලා පැමිණෙමින් සිටින බව ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

එසේම එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා වැනි මන්ත්‍රීවරුන් ශ්‍රීලනිපයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ බලු වලිගය උණ පුරුකේ දමාවත් ඇදය අරින්නට නොහැකි බවයි.

දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කුමාර වෙල්ගම මහතා යළි ශ්‍රීලනිපයට එක්වීම පොහොට්ටුවට පාඩුවක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා ද ප්‍රකාශ කර තිබිණි.

(LNW)