Monday, April 29, 2024
Follow Us
හැකිනම් අධ්‍යාපන සහතික පෙන්වන්න - රවීගෙන් සජිත්ට අභියෝගයක් !

හැකියාවක් ඇත්නම් තමන්ගේ අධ්‍යාපන සහතික ප්‍රසිද්ධියට පත් කරන ලෙස අමාත්‍ය රවී කරුණානායක මහතා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරයි.

ඔහුට විදෙස් සරසවියක උපාධියක් ඇතැයි කියන්නේ නම් කරුණාකර එය බිත්තියේ එල්ලාගෙන නොසිට ජනතාවට පෙන්වන ලෙසයි ඒ මහතා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් වී සිටින පුද්ගලයකු තෝරාගත යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

"අනෙ මහත්තයෝ, තමන් කරුණාකරලා ඒක අරන් පෙන්නන්න අපට. ඕනෙ තැනක ඒවගේ දෙයක් තිබ්බා නම් ඒක මරු. පෙන්නන්න කොහෙද ඒක තියෙන්නෙ කියලා. මම ඉදිරිපත් කරලා තියෙනවා මගෙ අධ්‍යාපන සහතික. මං හිතන විදියට නවීන් දිසානායක, රනිල් වික්‍රමසිංහ සහ කරූ ජයසූරිය මහත්වරුන් ඉදිරිපත් කරලා තියෙනවා. ඇයි ඉතිං පෙන්නන්න ඕක. පිටරට ඉගෙන ගත්තා නම් බොහොම හොඳයි නේ. කියන්නෙ නැතුව, ඒක බිත්තියෙ තියන්නෙ නැතුව ඒක පෙන්නන්න මාධ්‍යයට" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (27) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)