Wednesday, February 25, 2026
Follow Us
අවසානෙ ප්‍රේමෙයයි මාගේ, නෑ පතන්නේ කෙනෙක් ආයේ - හරීන්

සජිත් ප්‍රේමදාස මහතාගෙන් තොරව දේශපාලනය කිරීමේ තේරුමක් නැතැයි යන ස්ථාවරයේ තමන් පසුවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එසේම තමන් අපහසුතාවට පත්ව සිටින්නේ පක්ෂ නායකත්වය විසින් මෙතෙක් යම් යම් තීන්දු තීරණ නොගත් නිසා බවයි ඒ මහතා සඳහන් කළේ.

විශේෂයෙන් ආණ්ඩුව කළ හොඳ දේවල්වලට ඉහළ ප්‍රචාරණයක් ලබාදීමට නොහැකි වූ බව පැවසූ ඒ මහතා එසේ සිදුවූයේ නායකත්වයේ අඩුපාඩු නිසා බවට චෝදනාවක් ද කළේය.

සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව පක්ෂය තුළින් නැඟෙන්නේ හුදෙකලා සටනක් පමණක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (27) බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

(LNW)