Monday, April 29, 2024
Follow Us
දෙතැනක ගෙවල් 50ක් හදන්න ඇරඹීම ගැන සජිත් පත්තර 14ක දැන්වීම් දාලා !

නිවාස 50ක් ඉදිකිරීමේ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රුපියල් මිලියන ගණනක් වැය කරමින් ජාතික පුවත්පත් 14ක දැන්වීම් පළකරවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ස්ථාන දෙකක නිවාස 25 බැගින් ඉදිකිරීමේ ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙසේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා පුවත්පත් 14කටත් වඩා වැඩි ප්‍රමාණයක දැන්වීම් පළ කරවාගෙන ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ තම ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරගැනීම සඳහා මහජන මුදල් අවභාවිතා කරමින් සිටින බවට ඒ මහතා චෝදනා කළ අතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ බුද්ධශාසන අමාත්‍යාංශය ද පළ කර තිබුණු දැන්වීම් කිහිපයක් සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු කෙරිණි.

(Lanka Leads)