Monday, April 29, 2024
Follow Us
ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානය : අවසන් තීරණයට මෛත්‍රී - මහින්ද සාකච්ඡාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැංවීමට නියමිත නව සන්ධානය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම විශේෂ හමුව ලබන සතියේදී පැවැත්වෙනු ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

එසේම මෙම සන්ධාන සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කර ඉදිරි කටයුතු සඳහා යාමට ශ්‍රීලනිපයට ද අවශ්‍ය වී ඇති බවයි ඒ මහතා අවධාරණය කළේ.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (26) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

(LNW)