Monday, April 29, 2024
Follow Us
කෝටි 5 කැරම් බෝඩ් නඩුව : මහින්දානන්දටත් අධිචෝදනා භාරදෙයි

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු සඳහා සතොස ආයතනය හරහා රුපියල් පන්කෝටි තිස් ලක්ෂයක් වැය කරමින් කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වා බෙදාහැරීම තුළින් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ අධිචෝදනා භාරදීම අද (26) සිදු කෙරිණි.

ඒ, කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ (අංක 2) හි ආර්.ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේදීය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අමතරව එවකට සතොස සභාපති නලින් ප්‍රනාන්දු මහතාට ද මෙම රජයේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් අධිචෝදනා භාරදුන් අතර විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු වාර්තාවක් කැඳවීමට ද නියෝග කළ අධිකරණය නඩුව නැවත අගෝස්තු 30 වනදා කැඳවීමට ද නියම කළේය.

(LNW)