Tuesday, October 22, 2024
Follow Us
පොහොට්ටුව පක්ෂ කිහිපයක් සමග ගිවිසුම් ගත වෙයි

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද දේශපාලන පක්‍ෂ කිහිපයක් සමග ගිවිසුම් ගතවීමට නියමිතයි.

මෙය දේශපාලන සන්ධානයක් නොවන බවත් ගිවිසුම්ගත වන පක්‍ෂ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන්නේ කෙසේ දැයි එකගතාවකට එළඹිමක් බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම පැවසුවා.

මව්බිම ජනතා පක්‍ෂය, ලංකා කම්කරු එක්සත් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය, එක්සත් ලංකා මහ සභාව, භූමි පුත‍්‍ර පක්‍ෂය, ඊලවර් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, තමිල එක්සත් නිදහස් පෙරමුණ, ලිබරල් පක්‍ෂය, නව සිහල උරුමය සහ මුස්ලිම් උලමා පක්‍ෂය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග මෙලෙස ගිවිසුම් ගතවීමට නියමිතයි.

(Neth)