Wednesday, February 11, 2026
Follow Us
එජාපය දොරටු විවෘත කරන බව කියයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පැමිණෙන පිරිස සඳහා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ දොරටු විවෘත කරන බව පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

අනුරාධපුරයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළා.

එහිදී "එක්සත් ජාතික පක්ෂය විවෘත පක්ෂයක්. පවුල් සංස්ථා පක්ෂ නෙමෙයි. හැකියාව තියෙන දක්ෂතා තියෙන ඕනෑම කෙනෙකුට එජාපයේ ඉහළටම යන්න පුළුවන්. පොදුජන පෙරමුණෙන් පස්දෙනා නෙමෙයි ඊට වැඩිය පිරිසක් එන්න ඉන්නවා. අපේ දොරවල් විවෘත කරනවා ලඟදීම." යනුවෙන්ද සඳහන් කළා.

(Neth)