Tuesday, October 22, 2024
Follow Us
ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ජනාධිපතිවරණයේදී කටයුතු කරන ආකාරය ගැන සාකච්ඡා කරයි

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීමට නියමිත පොදු සන්ධානයට සහය දෙන්නේද, යන්න පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගොන නොමැති බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර එච්. එම්. එම්. හාරිස් ප‍්‍රකාශ කළේ පක්ෂ නායක රාවුෆ් හකීම් විසින් එම පොදු සන්ධානය සම්බන්ධයෙන් සිය මන්තී‍්‍ර කණ්ඩායම දැනුවත් කළ බවයි. පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේදී සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ද ඔහු ප‍්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමට නියමිත මෙම පොදු සන්ධානය සම්බන්ධයෙන් සෙසු මුස්ලිම් මන්තී‍්‍රවරුන් සමග ද සාකච්ඡා කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

(Neth)