Tuesday, October 22, 2024
Follow Us
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා - ශ්‍රීලනිපය සම්මත කරයි !

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව ලංකා නිව්ස් වෙබ් අපි පසුගිය 17 වනදා "ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය. ඌවත් විසුරුවීමේ තීරණයක් !" මැයෙන් යුත් විශේෂ පුවතෙන් හෙළිදරව් කළෙමු.

එම පුවත සනාථ කරමින් ඊයේ (24) දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනාවක් ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී සම්මත කරගෙන ඇති බවයි.

(LNW)