Thursday, January 01, 2026
Follow Us
මෛත්‍රී බේරා ගැනීමට පාර්ශව කිහිපයක් සමග පොදු වැඩපිළිවෙලකට ශ්‍රීලනිපයේ අවධානය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට එරෙහිව පාර්ශව ගණනාවක් සමග එක්ව වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා. එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් හමුවීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර, මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉදිරියේදී එන්නත් ලබාදීමේදී ප්‍රමුඛතාව හිමිවන පාර්ශවයන් පිළිබඳ වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍යවරුන් අතර පරස්පර අදහස් පවතින බවට ද තොරතුරු වාර්තා වනවා.

(Neth)