Tuesday, October 22, 2024
Follow Us
ජනාධිපති අපේක්ෂකයා ගැන එජාපයෙන් ඒකමතික තීරණයක්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් ඒක මතික තීරණයකට එළඹීමට එක්සත් ජාතික පක්‍ෂයට හැකි වී තිබෙනවා. ඒ, ඊයේ (22) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි.

පසුව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළේ බොහෝ දෙනෙකු අපේක්‍ෂා කළ පුද්ගලයා එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි.

සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාගේ නම එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස යෝජනා වූයේ දැයි මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර මුජුබර් රහුමාන්ගෙන්ද විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ "වාද විවාද අදහස්වලට යන්නේ නැතුව ඉතා ඉක්මනින් අපේක්ෂකයාව තීරණය කරන්න ඕනේ කියලා තමයි අදහස් පළ වුණේ. නායකතුමා කිව්වේ සජිත් ප්‍රේමදාස මහතා එක්කත් කරූ ජයසූරිය මහතා එක්කත් ඊළඟට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් එක්කත් කතා කරලා අපේක්ෂකත්වය පිළිබඳ සියලු දෙනාගේ එකඟත්වය උඩ තීන්දුවක් ගන්නවයි කියලා." යනුවෙනි.

එළඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් පසුගිය සමයේ විවිධ වාද විවාද ඇති වුණා. එක් පාර්ශවයක් ප‍්‍රකාශ කළේ සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවයි. එමෙන්ම කථානායක කරූ ජයසූරිය මහතා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු තවත් නම් කිහිපයක් සම්බන්ධයෙන්ද ඉකුත් සමයේ විවිධ අදහස් පළ වුණා.

(Neth)