පැවති තරගකදී අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන් ශ්රී ලංකාවට සහ පාකිස්තානයට ජගත් ක්රිකට් කවුන්සිලයෙන් දඩ නියම කර තිබේ.
ශ්රී ලංකාව හා පකිස්තානය අතර පැවති තරගයකදී මෙම දඩ මුදල නියම කර තිබේ.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම තරග මුදලින් 5% ද පාකිස්තානයට තරග ගාස්තුවෙන්10% ද ලෙස දඩ නියම කර ඇත.
එංගලන්තය, පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේ පළමු තරගය ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (18) පැවැත්විණි.
එම තරගය ලකුණු 37කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.