රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය, තුන්කම යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි කඩදාසි නිෂ්පාදනයට ගන්නා කාඩ්බෝඩ් ගබඩාවක අද (30) පස්වරු 2:35 ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබෙන බවත් පස්වරු 5:00 වන විට පැතිර ගිය ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වූ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් 117 හදිසි ඇමතුම් මැදිරිය වෙත ලද තොරතුරකට අනුව රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ගින්න හේතුවෙන් කඩදාසි නිෂ්පාදනය සඳහා යොදාගන්නා ඉවතලන කාඩ්බෝඩ් ටොන් 300 ක් සහ ගබඩාවේ විදුලි පද්ධතියට හානි සිදුවී ඇති අතර, කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.
ගින්න පාලනය කිරීම සඳහා තුන්කම යුද හමුදා කඳවුරේ නිලධාරීන් 50 දෙනෙකු, ජල බවුසර් 02 ක් සහ ඇඹිලිපිටිය නගර සභාවට අයත් ජල බවුසරයක් යොදවා ගින්න පාලනය කිරීමට කටයුතු කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.