වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම් "අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උණුසුම් කාලගුණ තත්ත්වය තුළ සෞඛ්‍ය අංශ වෙතින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව, වැඩ බිම් තුළ සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතුයි, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතුයි.
නිවෙස් තුළ සිටින වැඩහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබද සැලකිලිමත් විය යුතුයි.
වාහන තුළ කුඩා ළමුන් වාහන තුළ තනියම රදවා නොයා යුතුයි.
එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු වේ. සෙවණ ඇති ස්ථානවල රැදී සිටිය යුතුයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතුයි.
එමෙන්ම සුදු හෝ ලා පැහැති සැහැල්ල ඇදුම් භාවිතා කිරීම සුදුසු වේ.