Friday, August 07, 2026
Follow Us
කොපියා (KOPIA) ශ්‍රී ලංකා ව්‍යාපෘතියට වසර 15ක්
දකුණු කොරියානු ජනරජයේ ග්රාමීය සංවර්ධන පරිපාලන අධිකාරිය (RDA) සහ ශ්රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ක්රියාත්මක කරනු ලබන කොරියානු ජාත්යන්තර කෘෂිකාර්මික ව්යාපෘතියට (KOPIA - Korea Program on International Agriculture) වසර 15ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සංවත්සර සම්මන්ත්රණය පසුගියදා (04) ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්යස්ථානයේදී ආරම්භ කෙරිණි.

 

කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු මෙම සම්මන්ත්රණය “කොපියා (KOPIA) ශ්රී ලංකා ව්යාපෘතිය තුළින් ශ්රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්රය අත්පත් කරගත් ජයග්රහණ හා ඉදිරි වැඩපිළිවෙළ” යන තේමාව යටතේ සංවිධානය කර තිබිණි.
 
2011 වසරේදී අවබෝධතා ගිවිසුමකට එළඹෙමින් ආරම්භ වූ KOPIA ශ්රී ලංකා ව්යාපෘතිය, ගතවූ වසර 15 තුළ මෙරට කෘෂිකාර් මික ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.45කට අධික ආයෝජනයක් සිදුකරමින් ජාතික මට්ටමේ ව්යාපෘති 17ක් සාර්ථකව ක්රියාත්මක කර ඇත.
 
විශේෂයෙන්ම, දේශීය ලොකු ළූණු සහ මිරිස් බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම, බතලගොඩ වී පර්යේෂණ ආයතනය සහ අනුරාධපුර මහඉලුප්පල්ලම, හොරණ පළතුරු පර්යේෂණ ආයතන සමඟ එක්ව නව බෝග ප්රභේද හඳුන්වා දීම (MBMI-7 මුං ඇට, මාකඳුර සුදු බිම්මල්, MICH 1 හා MICH 2 මිරිස් ප්රභේද), දේශීය බීජ නිෂ්පාදනය ප්රවර්ධනය සඳහා ආදර්ශ ගම්මාන (Model Villages) 7ක් ස්ථාපිත කිරීම, නවීන කොරියානු කෘෂිකාර්මික යන්ත්රසූත්ර හා පාලිත පරිසර වගා තාක්ෂණය (Polytunnels සහ Rain Covers) මෙරට ගොවීන්ට හඳුන්වා දීම KOPIA හරහා සිදුවූ කැපී පෙනෙන ජයග්රහණ අතර වේ.
 
කොරියානු කොපියා (KOPIA) ආයතනය ශ්රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් වසර 15ක් පුරා ලබාදුන් සුවිශේෂී දායකත්වය කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතාගේ ඇගයීමට ලක්වවූ අතර අදහස් දක්වමින් නියෝජ්ය අමාත්යවරයා මෙසේ සඳහන් කළේය.
 
“පසුගිය වසර 15 තුළ කොපියා ආයතනය මගින් මෙරට ව්යාපෘති 17ක් ආරම්භ කළ අතර, ඉන් ව්යාපෘති 15ක් මේ වන විට සාර්ථකව අවසන් කර ඇත. තවත් ව්යාපෘති දෙකක් ඉදිරියට ක්රියාත්මක වෙමින් පවතී.කොරියානු රජය මූල්යමය ආධාරවලට අමතරව, ශ්රී ලංකාවට ලබාදුන් තාක්ෂණික දැනුම සහ මගපෙන්වීම රුපියල් ශතවලින් තක්සේරු කළ නොහැකියි. එය මිත්රත්වයේ සහ සහයෝගීතාවයේ උතුම් පරිත්යාගයක්”
 
කෘෂිකර්මාන්තය තුළ නව පිම්මක් පැනීම සඳහා රජය මේ වන විට සැලසුම් කර ඇති බවත්, එම කටයුතු සාර්ථක කර ගැනීමට කොපියා ආයතනයේ සහයෝගය තවදුරටත් ඉදිරි වසර කිහිපය සඳහාත් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.