ශ්‍රී ලංකාවේ ප්රකාශනය හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (04) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ඒ අනුව ශ්‍රී ලංකවේ බුද්ධිමය දේපළ නීතිය යටතේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් වන නීති තත්ත්වයන්, ජාත්‍යන්තර නීති ප්රවනතාවයන්ට අනුව ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යවරයාගේ උපදෙස් මත, බුද්ධිමය දේපළ විෂය, නීති ක්ෂෙත්රය සහ මීට අදාළ අනෙකුත් අමාත්‍යාංශ නියෝජනය වන පරිදි නිලධාරීන් සහ විෂය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.
සංගීත ක්ෂේත්රයේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වයන් සලකා බලා සාධනීය විසඳුම් ලබාදීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම මෙහි අරමුණ වේ.
ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටු සාමාජිකයින් රැස් වූ අතර එම කමිටුව සඳහා බුද්ධිමය දේපළ නීති ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය ඩී.එම්. කරුණාරත්න මහතා, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් හිමාලි හෙට්ටිහෙලගෙ මහත්මිය, සහකාර අධ්යක්ෂ (නීති) ආචාර්ය අමාලි මුණසිංහ මහත්මිය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහකාර අධ්යක්ෂ (නීති) එම්.ජී.එන්. නදීෂානි මහත්මිය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩබ්.එච්.ඩී. ශ්‍යාමලී මහත්මිය සහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නීති නිලධාරී අමානි පිංගමගේ මහත්මිය සහභාගී වූහ.