දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ශක්තිමත් කිරීම මගින් මෙරට සෞඛ්‍ය සේවය සහ ජාතික ආර්ථිකය තිරසර සංවර්ධනයක් කරා ගෙන යා හැකි බවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය හඳුනාගෙන ඇත.
එමඟින් ඉහළ ගුණාත්මක බවකින් යුතු දේශීය වෛද්‍ය නිපැයුම් සහ සේවා දේශීය හා විදේශීය වශයෙන් සැපයිය හැකි වේ යැයි අපේක්ෂිතය.
ඒ සඳහා ඉවහල් වන තිරසර පර්යේෂණ වැඩසටහන් වෙනුවෙන් පර්යේෂණ සහයෝගීතාව නිර්මාණය කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මූලිකත්වය ගෙන තිබේ.
එහි පළමු පියවර ලෙස විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය සේවා ආයතන, රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි දේශීය වෛද්‍ය පීඨ, කොළඹ විශ්වවිද්‍යාලයීය දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය, දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ ප්රමුඛ පෞද්ගලික ආයතන සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති අනුබද්ධ පර්යේෂණ ආයතන සම්බන්ධ කරගනිමින් මූලික සාකච්ඡාව පවත්වන ලදි.
මෙම සාකච්ඡාව ඉතා ඵලදායී ලෙස සිදු කෙරුණු අතර මේ සම්බන්ධ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සාර්ථකව සිදු කර ගැනීම සඳහා ඉදිරි පියවරයන්ට අවශ්‍ය තීන්දු තීරණවලට එළඹීම වෙනුවෙන් විශේෂඥයින් පස්දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කිරීමට මෙහිදී යෝජනා කෙරිණි.
මෙම අවස්ථාවට විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි.එල්.මොහොමඩ් නවවි මහතා, වෛද්‍යවරුන්, විද්‍යාඥයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.