Thursday, April 24, 2025
Follow Us
කිරි ගවයන්ටත් රක්ෂණයක්

පශු සම්පත් කේෂත්‍රයේ නියුතු ගොවි ජනතාවගේ ආර්ථික ස්ථායිතාව ඇති කිරීම උදෙසා  මිල්කෝ පුද්ගලික ආයතනය වෙත කිරි ලබා දෙන ගොවීන්ගේ කිරි ගවයන් රක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් මිල්කෝ පුද්ගලික ආයතනය හා කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලය අතර සාකච්ඡා වට කිහිපයක් පසුගිය දා  සිදු කෙරිණි. 

 

ඒ් අනුව මෙම වැඩසටහන අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට අපේක්ෂා කරන අතර, මුල් වටයේ දී කිරි ගවයන් 2000ක් සඳහා රක්ෂණාවරණය ලබා දීමට අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් මැයි මාසය අවසන් වීමට ප්‍රථමයෙන් දෙපාර්ශයව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද සැලසුම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි