Thursday, April 24, 2025
Follow Us
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට මේ දේවල් අනිවාර්යෙන් රැගෙන යන්න

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබේ.

 ඒ අනුව, 

 ජාතික හැඳුනුම්පත

වලංගු රියදුරු බලපත්‍රය

වලංගු විදේශ ගමන් බලපත්‍රය 

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත

ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය.

 යන පිළිගත් ලියවිලි අතරින් ඕනෑම එකක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. 

එළැඹෙන 24, 25,28 සහ 29 යන දිනවලදී පමණක් අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිසම පවසයි.