අදානි සමූහ ව්‍යාපාරය සමග සුළං බල ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මෙම ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ද පැවසුවේය.
අමාත්‍යවරයා අවධාරණය කළේ ව්‍යාපෘතිය අවලංගු කිරීමක් නොවන බවයි.