Tuesday, September 10, 2024
Follow Us
මෙරට ගඩොල් හා උළු කර්මාන්තයට නව තාක්ෂණික උපායන්

කොරියානු රජයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාව තුළ ගඩොල් සහ උළු කර්මාන්තය නව තාක්ෂණික ක්‍රම උපායන් තුළින් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පසුගියදා (06) කොරියානු ආයෝජකයින් සමග සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විය. 

මෙම වැඩපිළිවෙල යටතේ නිෂ්පාදනයේ පවතින ගැටලු හදුනාගෙන වායු විමෝචනය අවම කිරීමින් පරිසර හිතකාමී ක්‍රමවේදයන් ඔස්සේ තිරසාර බව ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.