Thursday, April 25, 2024
Follow Us
සමාජය බෙදී වෙන්වන්න එපා - යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට පණිවිඩයක්

ත‍්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට ඕනෑම සහයක් ලබා දෙන බව යුරෝපා සංගමය නැවත අවධාරණය කරනවා.

එහි ශ‍්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති ටුන් ලායි මර්ග් පවසන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකාව දැන් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වූ අභියෝගයකට මුහුණ දී සිටින බවයි. මෙම අවස්ථාවේදී සමාජය බෙදී වෙන් නොවිය යුතු බවද, එකමුතුව කටයුතු කළ යුතු බවද, ඔහු පෙන්වා දෙනවා. සමාජය බෙදී වෙන්වුවහොත් ජය ලබන්නේ ත‍්‍රස්තවාදය බවයි ඔහු නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.

මීට පෙර ද යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවට හිතවත්ව කටයුතු කර තිබෙන බව ටුන් ලායි මර්ග් සිහිපත් කරනවා. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය වසර 10 තුළ යුරෝපා සංගමය යුරෝ මිලියන 760ක පමණ මානුෂීය ආධාර ලබා දී ඇතැයි ද ඔහු පවසනවා.

ඊට අමතරව ජී එස් පී ප්ලස් බදු සහනය ශ‍්‍රි ලංකාවට ලබා දුන්නේ ද, යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවට ඇති හිතවත්කම නිසා බවයි ටුන් ලායි මර්ග් වැඩිදුරටත් පැවසුවේ.

(Neth)