Friday, October 25, 2024
Follow Us
මෙරට මානව හිමිකම් රකින්න යුරෝපා සංගමය මැදිහත් වෙයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සහ සිවිල් සමාජය වෙනුවෙන් නව ව්‍යාපෘති 07 ක් ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. ඒ සඳහා යුරෝපා සංගමය රුපියල් කෝටි 82 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සිය සංගමයේ මූලික හරය බවයි යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ. එකී සාධක නොමැතිව තිරසර සාමය, ස්ථාවරභාවය, දීර්ඝකාලීන සංවර්ධනය සහ සෞභාග්‍යය ලඟාකර ගත නොහැකි බව ද යුරෝපා සංගමය අවධාරණය කරයි.

මෙරට තුළ ක්‍රියාත්මක වන මානව හිමිකම් හා සිවිල් සංවිධාන වෙනුවෙන් මෙම මුදල් ප්‍රතිපාදන වෙන්වන අතර එම සංවිධාන හරහා අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

(LNW)