ලබන අප්‍රේල් මාසෙය් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර දිස්ත්‍රික් 25 තුළම මාර්ගගත ක්‍රමයට රියැදුරු බලපත්‍ර ලබාදීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
මාර්ගගත ක්‍රමයට දිස්ත්‍රික් 11ක මෙම සේවාව දැනට ක්‍රියාත්මකය. සෙසු දිස්ත්‍රික්වල මාර්ගගත ක්‍රමයට රියැදුරු බලපත්‍ර ලබාදීමට අදාළ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.