Sunday, October 19, 2025
Follow Us
ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වාන් දොරටු 4ක් අඩි 4 කින් සහ වාන් දොරටු 2ක් අඩි 3 කින් විවෘත කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වනවිට පැවති වර්ෂාපතනය හේතුවෙන් කලා වැවේ වාන් දොරටු 2 අඩි 1ක් මේ වන විට විවෘත කර ඇති බැවින් ඉන් තත්පරයට ඝන අඩි 1200 ක පමණ ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින බව ජලාශයභාර වාරිමාර්ග ඉංජිනේරු ප්‍රකාශ කර යි. එබැවින් ජලාශයේ පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි.

මේ අතර රාජාංගන ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 6 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන 7,800 මුළු ජල ප්‍රමාණයක් මුදා හරින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.