සමාජ මාධ්ය කේෂත්රයේ විද්යාව හා තාක්ෂණික සන්නිවේදනයේ යෙදෙන සමාජ මාධ්ය ක්රියාකාරින් සමග එක්ව විද්යාව හා තාක්ෂණික නවෝත්පාදන දැනුම ප්රචලිත කිරිම වෙනුවෙන් නව වැඩසටහන් නිර්මාණය කිරිමට විද්යා හා තාක්ෂණ අමාත්යාංශය මුල පුරා තිබේ.
එහි තවත් එක් පියවරක් ලෙස අමාත්යාංශය හරහා සමාජය තුළ විද්යා සාක්ෂරතාවය ඉහළ නැංවීම ඇතුළුව තිරසර මාධ්ය භාවිතාවන් වෙනුවෙන් මාර්ග සිතියමක් සකස් කිරිම පිළිබද එක් දින වැඩමුළුවක් පසුගියදා අමාත්යාංශයේ ලේකම් වයි. එල් නවවි මහතාගේ ප්රධානත්වයෙන් ශ්රි ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේදි පැවැත්විණි.
මෙම අවස්ථාවට විද්යා සන්නිවේදකයන්, අමාත්යාංශයට අනුබද්ධ ආයතනයන්හි මාධ්ය සම්බන්ධීකරණ නිළධාරින් ඇතුළු අමාත්යාංශ නිළධාරින් පිරිසක් එක්වුහ.