දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුදු වගාකරුවන් වෙනුවෙන් කුරුදු තැලුම් පුහුණුව ලබාදීමේ වැඩසටහනක් ඊයේ (29) පහළ මඩම්පැල්ල කුරුදු සැකසුම් මධ්‍යස්‌ථායේදී ආරම්භ කෙරිණි .
කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන මෙම පුහුණු වැඩසටහන දින 03ක් පුරා පැවැත්වෙන අතර ලබන 31 වෙනි දින අවසන් කිරීමට නියමිතය.
දිවුලපිටිය, කටාන, මිනුවන්ගොඩ හා මීරිගම ප්‍රදේශයන්හි කුරුදු වගාකරුවන්ගේ ඉල්ලීම් පරිදි කරනු ලබන මේ පුහුණුව සදහා වගාකරුවන් 15 දෙනෙකු එක්ව සිටිති.