පවතින අධික වර්ෂාවත් සමඟ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු තුන අද (03) පෙරවරුවේ විවෘත කර තිබේ.
විදුලි උත්පාදනයේ දී පිටකරන ජල පරිමාව ද සමඟ තත්පරයට ඝන මීටර් 80ක ජල පරිමාවක් ජලාශයෙන් මුදාහරින බව වාර්තා වේ.
ඒ, අනුව කුඩා ගඟේ සහ කළු ගඟේ ජල මට්ටම ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින් කුඩා ගඟ දෙපස පහත් බිම්වල ජීවත්වන පදිංචිකරුවන් අවදානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
මීට අමතරව බුලත්සිංහල, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගංවතුර අවදානම් කොට්ඨාස ලෙස නම් කර ඇති අතර වලල්ලාවිට, දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාවල ජනතාවට ද අවදානමෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.
එමෙන්ම මේ වනවිට ගිං සහ නිල්වලා යන ගංඟාවල ජල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යන බවට තොරතුරු වාර්තා වේ.
-Aruna