Wednesday, July 09, 2025
Follow Us
කොරෝනා මඩින ශ්‍රී ලංකාවේ සහයට චීනය - තවත් වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට

කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමට ශී‍්‍ර ලංකාව ගෙන යන වැඩපිළිවෙලට සහය ලබා දීම සඳහා චීන මහජන සමූහාණ්ඩුව විසින් ලබාදුන් සිව්වන ආධාර තොගය රැගත් ගුවන් යානය ඊයේ රාති‍්‍රයේ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණා.

චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම යානය මගින් ආරක්ෂිත මුඛ ආවරණ, හදිසි ප‍්‍රතිකාර සඳහා යොදා ගනු ලබන ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට රැගෙන ආ බවයි කටුනායක ගුවන් තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කිලෝග‍්‍රෑම් 9,600 ක් පමණ බරකින් යුත් එම වෛද්‍ය ආධාර තොගය ශී‍්‍ර ලංකාවේ චීන තානාපති කාර්යයාලය මගින් රජය වෙත භාර දීමට නියමිතව තිබෙනවා.

(Neth)